පාසලේ පසුබිම

හැදින්වීම හා පසුබිම

වර්ෂ 1919 මැයි 27 දින පින්නවල පන්සල අසල කුඩා පාසලක් ලෙස පොල් අතු සෙවිලි කල කුඩා ගොඩනැගිල්ලක සිසුන් 26 දෙනෙකුගෙන් හා ගුරු භවතුන් තිදෙනෙකුගෙන් ආරම්භ කරන ලද පාසලකි. පසුව 1932 දී වර්තමාන පිහිටා ඇති ස්ථානය වන පින්නවල රාජපොල නම් ස්ථානයට රැගෙන එන ලදි. සීතාවක රාජසමයේ රාජකීයයන් නිතර ගැවසුන ස්ථානයක් වන රාජපොල නම් ප්‍රදේශය පාසලට වඩාත් සුදුසු බිම් පෙදෙසක් විය. ආරම්භ කල දින සිට ගම් ප්‍රදේශයේ දරුවන්ට කල මෙහෙවර අසීමිතය. ප්‍රදේශය පුරා පාසල ප්‍රචලිත වූයේ ගම් පළාතේ දරුවන්ට පොදු අධ්‍යාපනයක් ලබා දෙන හොඳ ප්‍රතිඵල ගෙනදෙන පාසලක් ලෙසය.එය සපත කරමින් ක්‍රි.ව. 1962 සිට අද දක්වා ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලය සඳහා අඛණ්ඩ විද්‍යාර්ථීන් සපයන ආයතනයක් බවට පින්නවල රාජපොල විද්‍යාලය පත් වී ඇත

භූගෝලීය පසුබිම

බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ නැගෙනහිර හේවාගම් කෝරළයේ කැළණි මිටියාවතේ පාදුක්ක ප්‍රාදේශීය ලෙකම් බලප්‍රදේශයේ පිනන්වල උතුර ග්‍රාම නිළධාරී කොට්ටාසයේ පාසල පිහිටා ඇත.

සමාජ ආර්ථික පසුබිම

වර්ෂ 1919 මැයි 27 දින පින්නවල පන්සල අසල කුඩා පාසලක් ලෙස පොල් අතු සෙවිලි කල කුඩා ගොඩනැගිල්ලක සිසුන් 26 දෙනෙකුගෙන් හා ගුරු භවතුන් තිදෙනෙකුගෙන් ආරම්භ කරන ලද පාසලකි.

අධ්‍යාපන පසුබිම

මෙම විද්‍යාලයේ 01 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා (කලා/ වාණිජ) පන්ති පැවැත්වේ.

ආදර්ශ පාඨය

මානිවතථ අභික්ඛම

දැක්ම

ගෞරවණීය පාසලක්

මෙහෙවර

දැනුමෙන් වෘත්තීය නිපුණතා වලින් ගුණයහපත්කමින් සෞන්දර්යාත්මක වින්දනයෙන් ක්‍රීඩාව තුළින් හා විභාග ජයග්‍රහණ වලින් සැමගේ ගෞරවාදරයට පාත්‍ර වූ දරු කැලක් ප්‍රදේශයට දායාද කිරීම.

පාසල් ගීතය

මිහිරි ගී ගයා - බැති කුසුම් හද තියා
නමදිමු ඔබ පා - රාජපොල මහා විදුහල්
මවුනි පිරි දයා....//

වටවුණු කඳු පෙළින්, වන රොදින්, සුවඳ මලින්
කුරුලු ගීත හඬින් වෙල් බඩින් ඇදෙන නලින්
පිබිඳුණු පිවි තිරියාවේ පරම යහ ගු‍ණෙන්
ලලිත කලාවේ - සහජීවනයේ විදු ආලෝකේ

හෙළ බිම අග රැජින ඔබයි ඔබ අප ජීවේ
රටට කැමති, දැයට හිතැති, දූ පුතුන් සදා
නගනු මැනවි කිතුරැස හෙළ සිරුර පණපොවා

මිහිරි ගී ගයා බැති කුසුම් හද තියා
නමදිමු ඔබ පා - රාජපොල මහා විදුහල්
මවුනි පිරි දයා....//

© 2022. All Rights Reserved Pinnawala Rajapola M.V. | Design by S.A.M. Manori